පිටරට රැකියාවකට ඉල්ලුම් කිරීමට නිවැරදිව Resume (CV) එකක් සකසා ගැනීමට මේ Tips 10 අනුගමණය කරන්න. 
01.Tailor your resume to the job you're applying for. රැකියාවක් සඳහා අයදුම් කරන විට, ඔබ අයදුම් කරන නිශ්චිත තනතුරට සහ සමාගමට අදාලව ඔබේ ජීව දත්ත පත්‍රය සකස් කළ යුතුය. මෙයින් අදහස් කරන්නේ රැකියාවට වඩාත්ම අදාළ වන කුසලතා සහ අදාළ අත්දැකීම් ඉස්මතු කිරීමයි. ඔබ රැකියාවක් ලබා ගැනීමට පමණක් නොව, මෙම නිශ්චිත තනතුරට අවංකවම උනන්දුවක් දක්වන බවත්, ඔබ ඒ සඳහා සුදුසුම පුද්ගලයා බවත් මෙයින් සේවායෝජකයාට පෙන්විය යුතුයි. 

02.Use keywords and industry-specific language. ATS හරහා CV තේරීමේදි ඔබගේ CV එකට අවස්ථාව වැඩි කර ගැනීමට රැකියාවට අදාල Keywords ඇතුලත් කරන්න. (CV select කරන්නේ විශේෂ Scanning system එකක් හරහා වන බැවින්) 

03.Highlight your achievements, not just your responsibilities. ඔබේ සේවා පළපුරුද්ද විස්තර කරන විට තනතුරෙහි වගකීම් පමණක් නොව ඔබ කලින් සේවය කළ සමාගමෙන් ලැබු උසස් වීම්, ජයග්‍රහණ, ලැබු ප්‍රථිඵල ගැන සදහන් කරන්න. ඔබ ඉල්ලුම් කරන සමාගමට ඔබ සම්බන්ධ වීම තුලින් ධනාත්මක ප්‍රථිඵල ලබාගත හැකි බව දනවන්න. 

04.Showcase your relevant skills and qualifications. රැකියාවට වඩාත්ම අදාළ වන කුසලතා සහ සුදුසුකම් ඉස්මතු කර දැක්වීමට වග බලා ගන්න. එතුළින් ඕනෑම සේවායෝජකයෙකු ඔවුන් සොයන දක්ෂතා ඔබ තුළ ඇති බව හදුනා ගනී. 

05.Include relevant outside interests. ඔබගේ සේවාව කාර්‍යාලයකට පමණක් සීමා නොවූ බවත්, ඔබගේ නායකත්ව කුසලතා ප්‍රදර්ශනය වන ක්‍රියාකාරකම් ඇත්නම් ඒවාද සදහන් කරන්න. මෙමගින් ඔබ කණ්ඩායම් සමග සහයෝගයෙන් වැඩ කරන බවත්, ඔබ තුළ ඇති සමාජ දායකත්වයත් ඉස්මතු වනු ඇත. 

06.Keep your resume concise and easy to read. ඕනැම දෙයක් සදහන් කිරීමේදි පැහැදිලිව සහ සරල ලෙස භාෂාව භාවිත කරන්න. දිගු ඡේද ලිවීමෙන් වළකින්න. සේවා යෝජකයාට ඔබගේ CV එක කියවීම පහසු කර ගැනීමට Bullet point, Heading, sub heading වැනි දේ භාවිතා කරන්න. වඩාත්ම වැදගත් තොරතුරු පමණක් උද්දීපණය කිරීමට සහා CV එක පිටු එකක් හෝ දෙකකට සීමා කර ගැනීමට වග බලාගන්න. 

07.Use a professional and modern design. මනා ලෙස සැළසුම් කළ (design) CV එකක් යොමු කිරීම තුලින්, අනෙකුත් අයදුම්කරුවන්ගෙන් ඔබගේ CV එක කැපී පෙනීමට උපකාරී වේ. එම නිසා සිත් ඇදගන්න සුළු CV design (modern design template) භාවිතා කරන්න. 

08.Include a resume summary or objective statement. ඔබ අයදුම් කරන රැකියාවට ගැලපෙන ආකාරයට සකසා ගත් කුසලතා සහා සුදුසුකම් ඇතුලත් දළ සටහනක් (Summery) ඔබගේ CV එකේ ඉහලින්ම ඇතුලත් කරන්න. 

09.Proofread and edit your resume thoroughly. ඔබගේ CV එක වැරදි සහ අඩුපාඩු වලින් තොරව සකසා ගන්න. අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දෝෂ පරීක්ෂා කිරීමට වග බලා ගන්න සහ නිවැරදි, යාවත්කාලීන තොරතුරු ඇතුලත් කිරීමට වග බලා ගන්න. 

10.Get feedback and suggestions from others before submitting. ඔබ සකස් කළ ඔබේම CV එකෙහි සමහර විට අඩුපාඩු ඔබට නොපෙනෙන්නට පුලුවන් එම නිසා සගයන්, මිතුරන්, පවුලේ සාමාජිකයන්, හෝ වෘත්තීය පුහුණුකරුවන් (ඔබ විශ්වාස කරන කරන කෙනෙකු) වැනි අයෙකු ලවා ඔබගේ CV පරීක්ෂා කරවා ගන්න. 

පිටරට රැකියා අවස්ථා ගැන වීඩියෝ දාන අවස්ථා වල සමහරු මේවා බොරු CV දැම්මට Reply නැහැ වගේ දේවල් ගොඩක් Comments වල තිබෙන අවස්ථා දැකල තියෙනවා. Reply එකක්වත් එන්නේ නැතිවෙන්න ප්‍රධානම හේතුව තමයි ඔයාගේ CV එක නිවරදි ලෙස සකසා නොතිබීම. CV එකක් සකසා ගැනීමේදි ඉහත සදහන් කල TIPS 10 ගැන සැලකිලිමත් නම් ඔබගේ CV එක නිවැරදියි. මෙම ලිපිය ඔබගේ CV එක නිවැරදිව සකසා ගැනීමට උදව් වනු ඇතැයි සිතමි. එහෙත් ඔබට තනිව එය සකසා ගැනීමට නොහැකි අයෙක් නම් මම  CV සැකසීමේ සේවාවක් ලබාදෙනවා පහත 👉 Link එක හරහා ඔබට එම සේවාව ලබාගත හැකියි.